අන්තර් පාසල් මට්ටමින්, ශ්‍රී ලාංකේය පාසල් පෞරුෂ අතර, කලා සාහිත සංගම් නන්අයුරින් කටයුතු කරයි. ඒ සඳහා
උත්ප්‍රේරණයක් වශයෙන්, සිරිලක සිව් දිග පාසල් 350ක් හා නිබඳ ව සම්බන්ධ වන අප "සමස්ත ලංකා පාසල් සාහිත
කලා සංගමය" යි.
වසර හතරක් මුළුල්ලේ මතක, උරුම, රසයන් හා සංකලනය කරමින් සම්බන්ධ වූ, අප ගමන් මග දෙස සතුට පෙරටු
කොට බලමු.
මහාචාර්ය ජේ.බී. දිසානායක මැතිතුමා
පූජ්‍ය ඕනෑගම උපාලි නායක ස්වාමීන් වහන්සේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මැතිතුමා
ජගත් චමිල මැතිතුමා
සම්පත් වේරගොඩ මැතිතුමා
සභාපති
චමෝද් මුදලිගේ
ඩී. ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ
ලේකම්
දිතාරා වනිගසේකර
හේමමාලි බාලිකා විද්‍යාලය, මහනුවර
භාණ්ඩාගාරික
චේතිය කවීන්
ආනන්ද විද්‍යාලය, කොළඹ
උප සභාපති
චතුක ජයතිලක
ආනන්ද විද්‍යාලය, කොළඹ
උප ලේකම්
සසාරා නෙත්මිණි
අනුලා විද්‍යාලය, නුගේගොඩ
උප භාණ්ඩාගාරික
එම්. ඩී. එස්. තසන්මි
අනුලා විද්‍යාලය, නුගේගොඩ
ප්‍රධාන සංවිධායක
රමික රිසිවර
ආනන්ද විද්‍යාලය, කොළඹ
මාධ්‍ය සම්බන්ධීකාරක
රනිද මෙත්සිළු
ආනන්ද විද්‍යාලය, කොළඹ
සංගම් සම්බන්ධීකාරක
(නාට්‍ය අනු සංගමය)
ෂෙහාන් තාරක ජයරත්න
ආනන්ද විද්‍යාලය, කොළඹ
සංගම් සම්බන්ධීකාරක
(නර්තන සංගමය)
සෙනුර රන්සිලු
පිළියන්දල මධ්‍ය විද්‍යාලය
සංවිධායක
තිනුප තෙවන්
ඩී. ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ
සංවිධායක
සෙනුර බුද්ධික
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
සංවිධායක
ගගන අභිෂේක් යටිවාවල
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
සහිතරසෝරාව
නන් රසැති වූ සුවහසක් නිර්මාණයන් හි රසභාව මනා සේ පසසනු වස්, සමස්ත ලංකා පාසල් සාහිත කලා සංගමය මගින් සිදු කළ
සාහිත කර්තව්‍යයන්හි ප්‍රධානතම වැඩසටහන සහිතරසෝරාව නමින් එළිදැක්විණි.
වාර්ෂික ව පවත්වනු ලබන මේ වැඩසටහන සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ සාහිත්‍යවේදීන්ගේ මූලාසනයෙන් ද, සමස්ත ලංකා පාසල්
සාහිත කලා සංගමයේ සාමාජික පාසැල් නියෝජිතයන් සමග ඒකාත්මික වෙමින් වසරක් පාසා සංවිධානය කෙරේ.
සාහිත කලාවේ කවිකාර අවුරුද්ද
කලාව සාහිත්‍යය යනු යමෙකුගේ ජීවන ලාලසාව ඇති කරන්නකි. ඒ හා බැඳෙන සිරිලක විසිතුරු ම සංස්කෘතිකාංගය නම්, සිංහල
දෙමළ අලුත් අවුරුද්දයි!
කවිකාර අවුරුද්ද නම්, සමස්ත ලංකා පාසල් සාහිත කලා සංගමය අත්‍යාලංකාරයෙන් පවත්වනු ලබන එම සංස්කෘතික
හුවමාරුව යි!
නුරුපුර යුගයේ පටන් කොළඹ යුගය දක්වාත් විහිදුනු මෙරට සාහිත්‍යයික සම්ප්‍රදානයට තදනුබද්ධ ව මුල්තැන්
දෙමින් වසරේ විචිත්‍රවත් ම මල්බර ම කාලයේ දී හෙවත් නාඹර බක් මහේ දී සිව් කොණ සාහිත කලාකාමීන් එක් රොක්
කරගනිමින් පැවැත්වේ.
නුබ නැගෙන දියවර
උගතුන්ගේ තෝතැන්න, උගතුන්ගේ තිඹිරිගෙය පුස්තකාලය යි. පොත් පත් පරිශීලනයෙන් ලත් දැනුම් සම්භාරය කිසි දින
නිරර්ථක නොවී ජීවන හේත්වාර්ථයක් ම වෙයි.
ලාංකේය පාසල්වල අඩු ලුහුඬුකම් මගහැර සිව්කොණ සිව් දිග පාසල් හි ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ ආකල්ප,
සංකල්ප ආධ්‍යාපනික කුසලතාවන් වැඩිදියුණු කරවන්නට ඇරඹි වැඩසටහනක් වශයෙන්,
මෙරට දුෂ්කර ප්‍රදේශයන් හි පාසල් පුස්තකාල ප්‍රතිෂ්ඨාපනය කරන අරමුණින් ඇරඹි අතිසාර්ථක දැක්මැ'ති වැඩසටහනක්
වශයෙන් නුබ නැගෙන දියවර සද්කාර්යය දිගහැරේ.
සුව සහන ක්‍රියාන්විතය
මෙරට තුළ සිදුවන අනේක වූ ක්‍රියාවන් අතර සොබාදහමේ විපර්යාසයන්ට ද, ආර්ථික සමාජ දේශපාලනික වශයෙන් ද සිදුවන
සියලු ගැටලුවල දී, මෙරට වැසියන්ට ම පිටුබලයක් වෙමින්, තවතවත් ශක්තියක් වන්නට සමස්ත ලංකා පාසල් සාහිත කලා
සංගමය කටයුතු කරයි.
සංවේදී හදවත් රැසක් වන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන සිසු පවුරකින් යුත් සමස්ත ලංකා පාසල් සාහිත කලා
සංගමය, ලාංකේය මානුෂීයත්වය උදෙසා කැප වෙමින් පසුගිය වසරාවසන දී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අලාභ
හානිවලින් යථාවත් වනු පිණිස කළ මෙහෙවර අපරිමිත ය.
චමෝද් මුදලිගේ 077 918 6592
දිතාරා වනිගසේකර 077 066 3145
චේතිය කවීන් 070 317 9282
E-mail: allislandschoolliteraryunion@gmail.com